හීන් ගඟ මැද සාදයක් – පැය 7ක මෙහෙයුමකින් 13කගේ දිවි බේරෙයි..

මාතලේ විල්ගමුව හීන් ගඟෙ දිය නා විනෝද වීමට ගිය 13 දෙනකු මහා ජල පහරකට මැදිව සිටිය දී පැය හතක මෙහෙයුමකින් පසු බේරාගත් බව පොලිසිය පවසනවා.

අලුත් අවුරුදු සැමරීම සඳහා මෙම තරුණයින් පැමිණ ඇති අතර හීන් ගඟෙ පිහිටි ගල් තලාවක මත් පැන් සාදයක් පවත්වමින් සිටින අතර තුර කඳු මුදුනට ඇද හැළුණු තද වර්ෂාවත් සමග ගඟෙ ජල මට්ටම එක වර ඉහළ ගොස් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විල්ගමුව පොලිසිය දැනුවත් කිරීමෙන් පසු මාතලේ දිස්ත්‍රික් ජීවිතාරක්ෂක කණ්ඩායම්, පොලිසිය, යුද හමුදාව සහ විශේෂ කාර්ය බළකාය එක්ව ප්‍රදේශවාසීන්ගේ ද සහායෙන් පැය හතකට ආසන් කාලයක් තිස්සේ සිදු කළ මෙහෙයුමකින් පසු මෙම තරුණයින් නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වූ බවයි වාර්තා වන්නේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Back to top button