අලුතින් පොලිස් ස්ථාන 190ක්..

ශ්‍රී ලංකාව තුළ නව පොලිස් ස්ථාන 190ක් අලුතින් ස්ථාපනය කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක ඇමැති, විශ්‍රාමික රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා

මේ වන විට ස්ථාපිත කර ඇති පොලිස් ස්ථාන 494ට අමතරව මෙම පොලිස් ස්ථාන 190 ස්ථාපිත කෙරෙනු ඇති

මෙරට ජනතාවට බියෙන් සැකෙන් තොර සමාජයක් බිහි කිරීම සඳහා නව අදියරක් ලෙස මේ පියවර ගත් බවද ඇමැතිවරයා කියා සිටිනවා

මහජන ආරක්ෂක ඇමැති, විශ්‍රාමික රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා අයියන්කන්කුලම් නව පොලිස් ස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව මේ බව කියා සිටි අතර එහි පළමු පොලිස් ස්ථාන දෙක ලෙස මරදන්කේනි හා අයියන්කන්කුලම් උතුරු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථාපිත කරන බවයි සඳහන් වන්නේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Back to top button