යුද හමුදාවෙන් ඇඳන් 20000ක්..

යුද හමුදාව කොවිඩ්-19 වෛරසය ආසාදිත පුද්ගලයින් සඳහා දිවයින පුරා ඇඳන් 20,000 ක් සමගින් අතරමැදි ප්රතිකාර මධ්යස්ථාන 112 කට වැඩි ප්රමාණයක් ඉතා කෙටි කාලයක් තුළ ස්ථාපිත කිරීමට සමත්වී ඇති බව යුද හමුදාව නිවේදනය කරයි.
තවද නිරෝධායන මධ්යස්ථාන අඛණ්ඩව පවත්වාගෙන යාම සහ එන්නත්කරන වැඩසටහන් සඳහා දපූර්ණ දායකත්වය දක්වමින් සිටියි.
අලුත් අවුරුදු සමයත් සමග මෙරට තුළ සීග්රයෙන් පැතිර ගිය කොවිඩ්-19 වෛරසයේ 3 වන රැල්ල වේගයෙන් වර්ධනය වෙමින් ආසාදිතයින් සඳහා ප්රතිකාර කිරීම සඳහා රෝහල් පහසුකම් අවම වෙමින් තිබියදී ආරක්ෂක මාණ්ඩලික ප්රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19පැතිරීම වැළැක්වීමේ ජාතික ක්රියාන්විත මධ්යස්ථානයේ (NOCPCO) ප්රධානී ජෙනරල් ශවේන්ද්ර සිල්වා 2021අප්රේල්මස 21 වන දින රජයේ රෝහල්වල ඇඳන් ධාරිතාවය වැඩිකරීම සඳහා අතිරේක ඇඳන් 10,000 ක් ලබාදෙන බවට ප්රකාශ කළේය.
ඔහුගේ උපදෙස් මත ක්රියාත්මක වූ යුද හමුදා සාමාජිකයන් පළමු අදියර යටතේ ඉතා කෙටි කාලයක් තුළ එම ඇදන් 10,000 සම්පූර්ණ කරන ලදී.
ඒ අනුව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ අධීක්ෂණයයටතේ ඊයේ (22) වනවිට ඇඳන් 19,501ක් දිවයින පුරා ස්ථාපනය කර ඇති අතරමැදි ප්රතිකාර මධ්යස්ථානයන් වෙත ලබාදී ඇත.
මෙම ඇදන්වලන් බොහොමයක් පසුගිය අවුරුද්දේ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ යුද්ධ හමුදා මූලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරල් (MGO) මෙන්ම ශ්රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ කර්නල් සේනාවිධායක ගේ මඟපෙන්වීම මත කොස්ගම පිහිටි ශ්රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා මධ්යස්ථානයේදී සකස්කරන ලදී.
මීට අමතරව, සෙනසුරාදා (22) වන විට යුද්ධ හමුදා භටපිරිස් විසින් ඇඳ ඇතිරිලි සහ කොට්ට 60,002 කප්රමාණයක් ද සකස්කර අවසන් කර තිබීම ද විශේෂත්වයකි.
ඒ අනුව, මේවන විට යුද්ධ හමුදාව විසින් ස්ථාපිත කරන ලද අතරමැදි ප්රතිකාර මධ්යස්ථාන සහ රෝහල්වල ප්රතිකාර ලබන කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන් සඳහා ඇඳන් 22,198 ක් ලබාදී ඇත.
Back to top button