ඔස්ට්රේලියානු ලේඛක Scott Pape රචනා කළ Barefoot investor කියන පොත මෙහෙ ඉතාම ජනප්රිය කෘතියක්. එය දැනට පිටපත් ලක්ෂ විස්සකට ආසන්න සංඛ්යාවක් අළෙවි වී තිබෙනවා.
එහි අන්තර්ගත වන්නේ ඔස්ට්රේලියානු වැසියෙකු ලෙස තමන්ගේ පළමු රැකියාවේ සිට විශ්රාම යන අවස්ථාව දක්වාත්, ඉන් පසුව විශ්රාම යෑමේ සිට මරණය දක්වාත් තමන්ගේ ආර්ථිකය කළමනාකරණය කර ගත යුතු ආකාරයයි.
එහි එක තැනක තිබෙනවා “සියල්ලටම පෙර ඔබ මිලියනපතියෙකු ලෙස ජීවත් වීම ආරම්භ කළ යුතුයි” කියා. ඒ සඳහා ඔහු වහාම මිල දී ගත යුතු දේවල් තුනක් නිර්දේශ කරනවා. ඉන් පළමුවැන්න තමයි සුව පහසු කොට්ටයක්. මිනිසෙකුගේ ජීවිත කාලයෙන් සැලකිය යුතු කොටසක් නින්දට වැය වෙන නිසා අප නින්ද ගැන සැලකිලිමත් විය යුතු බව ඔහු පෙන්වා දෙනවා. ඒ නිසා සැලකිය යුතු මුදලක් වියදම් කර ඉස්තරම්ම කොට්ටයක් මිල දී ගන්නා ලෙස ඔහු යෝජනා කරනවා. එවිට ඔබට සල්ලිකාරයෙකු වගේම සැපට නිදාගන්න පුළුවන් කියලා ඔහු කියනවා.
ඊළඟට ඔහු කියනවා ඇඳුම් අල්මාරියේ යට ඇඳුම් හා මේස් දමා තිබෙන ලාච්චුව ඇර, හිල් සහිත, ඉරුණු, ඉලාස්ටික් බුරුල් වුණු, ඇන්දාම ඉකිලි කැපෙන යට ඇඳුම් සහ මේස් කෙළින්ම කුණුබක්කියට දමන ලෙස. ඉන් පසුව ඇඳුම් කඩයකට ගොස් සන්නාමයක් සහිත ඉස්තරම් තත්ත්වයේ යට ඇඳුම් හා මේස් කුට්ටම් කිහිපයක් මිල දී ගන්නා ලෙස. ඔහු කියන්නේ සැපට රස්සාව කරන්න නං සුව පහසු යට ඇඳුම් ඇඳ සිටීම අත්යාවශ්ය සාධකයක් බවයි.
ඔන්න ඔය කියන ජාති තුනේ හිමිකරුවෙකු වූ සැනින් ඔබත් මිලියනපතියෙකු ලෙස ජීවත්වීම අරඹන බව ඔහු කියනවා.
මට මේ පොත ගැන මතක් වුණේ මේ දවස්වල කතා කරන කාඩ්බෝඩ් මිනීපෙට්ටි ගැන දැක්කහමයි.
ජීවිතකාලය පුරාවටම කිසිම සැපක් නොවිඳපු මිනිහෙකුගේ අවසන් ගමන හරි සුවපහසු පෙට්ටියක යවන්න පුළුවන් නං ඒක ඒ මිනිසාට කරන සංකේතාත්මක ගෞරවයක් තමයි.
ඒත් මම නං කැමති ඉන්න කාලේ ඩන්ලෝපිලෝ සැප කොට්ටෙක බුදියගෙන, සනීප ටොමී හිල්ෆිගර් සස්පැන්ඩරයක් යටට ඇඳලා, බොන්ඩ්ස් මේස් කුට්ටමක් කකුල්වලට දාලා ජීවත් වෙලා, මැරුණාම කාඩ්බෝඩ් පෙට්ටියක යන්න.
මැරුණාම යන විදිහ ගැන දැන්ම නොසිතා, ඉන්න ටික කාලේ තියෙන විදිහට සැපට ඉන්න බලමු!
තිලිණ රුවන් මලලසේකර – සිඩ්නි නුවර