ඩෙල්ටා කොරෝනා වයිරස් ප්‍රභේදය ආසාදනයවූ තවත් දෙදෙනකු කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉදිකිරීම් වැඩ බිමකින් හමුවී ඇතැයි වාර්තා වනවා.
මේ ආසාදිතයන් දෙදෙනා හමුවීමෙන් පසුව එම ඉදිකිරීම් වැඩබිම තාවකාලිකව වසා දමා ඔවුන්ට ආශ්‍රිතවූ සේවකයන් 46 දෙනෙකු නිරෝධායනයට යොමුකළ බව මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙක් පුවත්පතකට සඳහන් කර තිබෙනවා.
ඩෙල්ටා කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයෙක් කහතුඩුව ජයලිගම ප්‍රදේශයෙන් පසුගිය දා සොයා ගනු ලැබූ අතර එම ආසාදිතයාද මෙම ඉදිකිරීම් වැඩබිමේ පෙදරේරුවකු බව වාර්තා වනවා.
මෙම ඉදිකිරීම් වැඩ බිමේ සේවකයෝ 46 දෙනෙක් සෞඛ්‍ය අංශ විසින් අහඹු ලෙස තෝරාගෙන පී.සී.ආර් පරීක්ෂණවලට පසුගිය දිනවල යොමු කරනු ලැබූ අතර එම පිරිසෙන් හය දෙනකුට කොරෝනා ආසාදනයවී ඇතැයි පරීක්ෂණ මගින් හඳුනා ගෙන තිබුණා.
ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූ තිදෙනා සිටින්නේද එම හය දෙනා අතරේ යැයි සෞඛ්‍ය අංශ පවසනවා.