කොවිඩ් රෝගීහු 135ක් දැඩිසත්කාර ඒකකවල..

කොවිඩ් රෝගීන් 135 දෙනෙකු රෝහල්වල දැඩි සත්කාර ඒකකයන්හි ප්රතිකාර ලබන බව සෞඛ්ය ඇමැතිනී පවිත්රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
 
සෞඛ්ය මාර්ගෝපදේශ කඩකරන පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී දැඩි ක්රියාමාර්ග ගන්නා බව කී සෞඛ්ය ඇමැතිවරිය නීති දිගටම කඩ කරන පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමටද කටයුතු කරන බව සඳහන් කළාය.
තමා පොලිස්පතිවරයා සමග මේ ගැන සාකච්ඡා කළ බවද ඇය කීවාය .
 
රෝග මර්දනය සඳහා අලුතින් ගැසට් පත්රයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
 
මේ අතර අලුත් අවුරුදු සමයෙන් පසු ඇරඹුණු කොවිඩ් තුන්වෙනි රැල්ලේදී මේ දක්වා කොවිඩ් වැළඳී මියගොස් ඇති සංඛ්යාව දෙදහස් අනූ පහකි.
 
දිවයින පුරා පසුගිය 13 වැනිදා සිට 20 වැනිදා දක්වා මරණ සිදු වී ඇති ප්රමාණය සලකා බැලීමේදී දිනකට මරණ පනහක සාමාන්යක් දක්වා ඉහළ ගොස් ඇති බව පෙනී ගොස් ඇතැයි සෞඛ්ය අංශ සඳහන් කරයි.

Back to top button