සංචරණ සීමා තිබියදීත් එරාවූර් සිට කොළඹට පැමිණෙයි..

පළාත් අතර සංචරණ සීමා උල්ලංඝනය කරමින් එරාවූර් සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක පැමිණි 31 දෙනෙකු ඊයේ (ජූනි 29) අලුයම කොළඹ-නුවර පාරේ ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා .

අදාළ බස් රථය පරික්ෂාවට ලක්කර එහි ගමන් කළ මගීන් 29 දෙනෙකු, රියැදුරු සහ කොන්දොස්තර ඇතුළු 31 දෙනෙකු ගම්පහ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා

 

 
 

Back to top button