ගැබිණි මව්වරු 70කට කොවිඩ්..

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ගර්භණී කාන්තාවන් 70 දෙනෙකු පමණ මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චිත්‍රාමලී ද සිල්වා මහත්මිය පවසනවා

ගැබිණි කාන්තාවන් 70 දෙනෙකු පමණ කොරෝනා වෛරසයට ගොදුරු වූ බව වාර්තා වුව ද ආසාදනය වූවන් පිළිබඳව තවමත් මූලාශ්‍ර සොයමින් පවතින බැවින් ආසාදිත ගැබිණි කාන්තාවක් සංඛ්‍යාව තවත් ඉහළ යාමේ ඉඩකඩක් තිබෙන බවයි වෛද්‍යවරිය පවසා තිබෙන්නේ.

එවන් කාන්තාවක සුව වූ පසු විශේෂයෙන් පිළිපැදිය යුතු පිළිවෙත් නොමැති බවත් ගර්භණී සමයේ ලබා දෙන විටමින් පෙති, යකඩ පෙති ආදිය නිසියාකාරව භාවිත කරන ලෙසයි වෛද්‍ය චිත්‍රාමලී ද සිල්වා මහත්මිය උපදෙස් ලබා දෙන්නේ

මීට අමතරව ඇය පැවසුවේ, කුඩා දරුවන් නිවෙස් තුළ ආරක්ෂිතව තබා ගන්නා ලෙසයි .

නිවසේ යමෙකුට අසනීප තත්ත්වයක් ඇත්නම් රෝග විනිශ්චයක් කරගන්නා තෙක් කුඩා දරුවන් අදාළ රෝගියාට නිරාවරණය වීමට දීමෙන් වළකින ලෙස ද වෛද්‍ය චිත්‍රාමලී ද සිල්වා මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ සඳහන් කරනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Back to top button