ප්‍රදේශයේ දානපතියෙකු වශයෙන් සිට පසුව අන්ත අසරණව බිබිල මැදගම නගරයේ කඩපිල්මත වසර විස්සක් දිවි ගෙවා මියගිය පුද්ගලයෙකුගේ දේහය තම බිරිද හා දියණිය බාර නොගැනීම නිසා ප්‍රදේශවාසීන් එක්ව අවසන් කටයුතු සිදුකළ බව ප්‍රාදේශීය සභාවේ උප සභාපති කේ.බී. බිමල් රත්නායක මහතා පැවසීය.
අසුව දශකයේ ඔක්කම්පිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ මැණික් වෙළද ව්‍යාපාරිකයෙකු වශයෙන් සිටියදි මිය ගිය ජයසේන නැමැත්තා වෙල්ලස්සේ අහිංසක මිනිසුන්ට උදව් උපකාර කර තිබෙන බවත් පසුකාලීනව ඔහු අන්ත අසරණ තත්වයට පත්ව මැදගම නගරයට පැමිණ වසර විස්සක කාලයක් තිස්සේ සිගමන් යදිමින් කඩපිල්මත දිවි ගෙවා තිබේ.
පසුගියදා සිගමන් යදිමින් සිටි අසු හැවිරිදි ජයසේන නැමැත්තා මැදගම පොළ භුමියේ මිය ගොස් සිටියදි ප්‍රදේශවාසීන් දැක රෝහලට ගෙන ගොස් පී.සී.ආර් පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසු කොරෝනා රෝගියෙකු නොවීම නිසා සිරුර භාරගැනීමට පොලීසිය පවුලේ ඥතීන් කැදවා තිබේ.
එම අවස්ථාවේදි මියගිය පුද්ගලයාගේ බිරිද සහ දියණිය රෝහලට පැමිණ මියගිය අය හදුනාගෙන කටඋත්තරයක් දීමෙන් පසු ඔවුන් දෙදෙනා අතුරුදන්ව ගිය නිසා ප්‍රදේශවාසීන් එක්ව අවසන් කටයුතු සිදු කිරීමට තීරය කර තිබේ.
මැදගම පොලිසිය,ප්‍රාදේශිය සභාව,ලේකම් කාර්යාලය සමග වෙළද ප්‍රජාව එක්ව මිය ගිය අයගේ දේහය පොළ භුමියේදි මහජන ගෞරවයට තබා ගෞරවාන්විතව ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු මිය ගිය අයගේ දේහය නගරයේ වීදි සංචාරය කිරීමෙන් පසු ආදාහනය සිදුකළාය.
නිල්වලාගොඩ විහාරයේ විහාරාධිපති මැදගම චන්ද්‍රාලෝක හිමියන් විසින් ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු මැදගම ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් පියදිගම මහතාසහ උප සභාපති කේ.බී කාන්ත බිමල් රත්නායක යන මහත්වරුන් එක්ව ප්‍රදේශවාසීන් අවසන් කටයුතු සිදු කළේය.
ප්‍රසන්න පද්මසිරි.