වැඩිහිටි නිවාසයක වැඩසිටි හිමිනමක් ඝාතනය කෙරේ..

පමුණුගම උස්වැටකෙයියාව ප්රදේශයේ වැඩිහිටි නිවාසයක වැඩසිටි හිමි නමකට පහරදී ඝාතනය කර තිබේ.  අදාළ වැඩිහිටි නිවාසය මානසික ආබාධ සහිත වූ වන්ට වෙන්කර තිබෙන එකක් බව පොලිස් මාධ්ය ප්රකාශක, ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
 
සැකකරු මානසික ආබාධයක් හේතුවෙන් එම වැඩිහිටි නිවාසයේ රඳවා සිටි ජාඇළ ප්රදේශයේ පදිංචි 73 හැවිරිදි පුද්ගලයෙක් බව පොලීසිය පවසයි.
 
ඊයේ (19) උදෑසන ඇති වූ සිද්ධියක දී එම සැකකරු විසින් අලුත්වල සුමනරතන හිමි නමින් හඳුන්වන හිමි නමට පොල්ලකින් පහරදී ඝාතනය සිදුකර ඇත.
 
මේ වන විට ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එවැනි වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන යාමේදී අදාළ නිර්ණායක අනුගමනය කර තිබේද යන්න ගැන ඊට ලියාපදිංචිය ලබාගෙන ඇත් ද යන්න පිලිබන්දව ද පරීක්ෂණ ක්රියාත්මකය.

Back to top button