ආනන්ද සිසුන්ටත් එපාවූ ආණ්ඩුව..

කොළඹ මරදාන ආනන්ද විද්‍යාලය සහ වත්මන් ආණ්ඩුව අතර පවතිනුයේ අනුලංඝනීය සබඳතාවක්. නමුත් මරදානේ ආනන්ද විද්‍යාලයේ සිසු දරුවන් සහ ගුරු භවතුන් අද දහවල් විරෝධතා ව්‍යාපාරයකට එක්ව සිටින අයුරු දක්නට ලැබුණා.

ප්‍රධාන මාර්ගය ඉදිරිපිට එක්රැස්වූ ඔවුන් පවතින ආර්ථික පීඩනය සම්බන්ධයෙන් විවිධ සටන් පාඨ කියමින් පැයකට අධික කාලයක් මෙලෙස විරෝධතාවේ නිරත වුණා.

මෙම විරෝධතාවට අවට සිටි බොහෝ පිරිසක් ද එක්ව සිටි අතර, මේ හේතුවෙන් මරදාන අවට තරමක රථ වාහන තදබදයක් ද හට ගැනුණු බවයි එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිප් සතර හැදෑරූ පාසල ආනන්දය වන අතර, වත්මන් ආණ්ඩුවේ ඉහළ තනතුරු දරන බොහෝ දෙනෙක් ද ආදී ආනන්දියන් වීම හේතුවෙන්.

Back to top button