Trending

ඇඩ්ලේඩ් නුවර පැවැති ‘ආනන්ද – නාලන්ද සහ රාජකීය – තෝමස් ‘ ක්‍රිකට් ගැටුම (PHOTOS)

පසුගියදා ඕස්ට්‍රේලියාවේ ඇඩ්ලේඩ් නුවර හෙක්ටර්විල් ක්‍රීඩා හා ප්‍රජා සමාජ ක්‍රීඩාංගණයේදී අපූරු ක්‍රිකට් තරගයක් පැවැත්වුණා.

ඒ කොළඹ ආනන්ද හා නාලන්දා (Maroons) ආදි සිසුන්ගේ පිල සමග කොළඹ රාජකීය හා ගල්කිස්සේ සාන්ත තෝමස් (Blues) ආදි සිසුන්ගේ පිල අතරයි.

මෙම තරගයේ කාසිය වාසිය දිනාගත් Maroons පිල පළමුවෙන් පන්දුවට පහරදුන් අතර, පන්දු වාර 40 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 243 ක් ලබා ගත්තා.

මුලදී ලකුණු 36 කට කඩුලු 3 ක් දැවී අසීරු අඩියක සිටි Maroons කණ්ඩායම වෙනුවෙන් ප්‍රවීන් ද සිල්වා සමග ලහිරු වික්‍රමසිංහගේ ලකුණු 162 ක සම්බන්දතාවයක් පැවැත්වුවා.

තවද ප්‍රවීන් ද සිල්වා හතරේ පහර 7 ක් හා එක් හයේ පහරක්ද සමග පන්දු 119 කට නොදැවී ලකුණු 101 ක් ලබා ගැනීමත් විශේෂත්වයක්.

මෙයට පිළිතුරු ලෙස Blues පිල පන්දුවාර 37 කදී ලබාගත් ලකුණු ගණන 213 ක්. රොහාන් ජොශ්නා 58ක්, උදිත රාජසේකර 48ක් සහ ශනිල් සමරසිංහ 46 ක් ලෙස ලකුණු ලබාගත්තා.

Maroons පිල වෙනුවෙන් ඉරූශ ජයවර්ධන ලකුණු 24 කට කඩුලු 4 ක්ද, සම්පත් විජේසිංහ කඩුලු 2 ක් ද ලබා ගත්තා.

ඇඩ්ලේඩ්හිි පළමු වරට පාසැල් හතරක ආදි සිසුන් එක්ව ක්‍රීඩා කළ මෙම තරගය, ශ්‍රි ලංකාවේ පාසැල් ක්‍රිකට් ලෝලීන් හට අලුත් අත්දැකීමක් වනු නොඅනුමානය.

( හෙරෝෂන් බලගල්ල – මෙල්බර්න් / ජායාරූප – සුදීප් ප්‍රියවිරාජ්)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Back to top button