ඔස්ට්‍රේලියාවේ මිලියන 25ක ජනගහනයෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් මේ වනවිට දැඩි කොවිඩ්-19 අගුලු දැමීම් යටතේ සිටින අතර, කොරෝනා වෛරසයේ අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදය රටේ ප්‍රධාන නගර තුනක් පුරා ව්‍යාප්ත වී තිබේ.
දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය, වික්ටෝරියා සහ සිඩ්නි නුවර අගුලු දමා ඇති හෙයින්, වසරේ දරුණුතම කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමට නිලධාරීන් ඉක්මන් වීමත් සමග රටේ විශාල ප්‍රදේශ සඳහා දැඩි සංචරණ නියෝග ක්‍රියාත්මක කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන සිඩ්නි සති පහක අගුලු දැමීමේ සිව්වැනි සතියේ සිටින අතර, වික්ටෝරියා සහ එහි අගනුවර වන මෙල්බර්න් ලබන සතිය මුල වනතෙක් දින 7ක සංචරණ තහනම දීර්ඝ කර තිබේ. දකුණු ඔස්ට්‍රේලියාව අඟහරුවාදා ඇඩිලේඩ් අගනුවර පුරා පැතිරී ඇති දැඩි සීමා කිරීම් ක්‍රියාත්මක කළේය.
එමෙන්ම වික්ටෝරියා සතියකට වැඩි කාලයක් තුළ දේශීයව අත්පත් කරගත් COVID-19 රෝගීන්ගේ විශාලතම දෛනික වැඩිවීම ගෙවීගිය දිනයේ වාර්තා කර ඇත.
ඔස්ට්‍රේලියාව වේගයෙන් පැතිර යන ඩෙල්ටා ප්‍රභේදය සමග පොරබදමින් සිටියි. මීට මාසයකට පමණ පෙර සිඩ්නි නුවර විදේශීය ගුවන් කාර්ය මණ්ඩලයක් ප්‍රවාහනය කළ ලිමොසින් රියදුරෙකු වෛරසය ආසාදිත බවට මුලින්ම අනාවරණය කරගැනීමෙන් පසුව මෙසේ ආසාදන ක්‍රමයෙන් ඉහළ යෑම ඇරඹිනි.
එරට ආරම්භක එන්නත් කිරීමේ සැලසුම් සාර්ථක වුවද, එන්නත් ලබාදීම මන්දගාමී වීම නිසා ඔස්ට්‍රේලියාවට මෙම අවධියේදී ආසාදන පැතිරයාම වැළැක්වීම සඳහා අගුලු දැමීම දරාගැනීමට සිදුවන බව අගමැති මොරිසන් පැවසීය.
නරේන් විශ්වජීත්