පර්ත් නුවර පදිංචි ලංකාවේ තාත්තා ‘දරු දෙදෙනා මරා’ දිවි නසා ගනී..

40 හැවිරිදි ශ්‍රී ලාංකියෙකු සිය දරුවන් දෙදෙනා ඝාතනය කර සියදිවි නසාගෙන ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

ඕස්ට්‍රේලියානු මාධ්‍ය පෙන්වා දෙන්නේ ඔහු පර්ත් නුවර වාසය කරන ශ්‍රී ලාංකිකයෙකු බවය.

ඔස්ට්‍රෙලියානු පොලීසිය උපුටා දක්වමින් වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ඝාතනයට ලක්වී ඇති පිරිමි දරුවාගේ වයස අවුරුදු 6ක් සහ ගැහැණු දරුවාගේ වයස අවුරුදු 4ක් බවය.

ඝාතනයන්ගෙන් අනතුරුව පියා විසින් ගරාජයේදී සියදිවි නසාගෙන ඇත.

Update – පර්ත් නුවර දී සිය දරුවන් දෙදෙනා ඝාතනය කර දිවි නසාගෙන ඇත්තේ ලාංකික ඉන්දික ගුණතිලක බව හෙළිව තිබෙනවා.

සිද්ධිය පිළිබඳ වාර්තා වී ඇත්තේ සිය දරුවන් කැටුව යාමට පැමිණි මවට ඔවුන් එම ස්ථානයේ නොමැති බව දැන පොලීසියට දැන්වීමෙන් අනතුරුවයි.

දරුවන් දෙදෙනා ඝාතනය කර දිවි නසා ගැනීමට පෙර මොහු විසින් ඔවුන් සමග ලබා ගත් ඡායාරූපයක් ද සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබෙනවා.

එමෙන්ම පසුගිය දෙසැම්බරයේ දී ඔහු සිය ෆේස්බුක් ගිණුමට එක් කළ වීඩියෝ පටයකින් සඳහන් කර තිබුණේ තමා මානසික ආතතියෙන් පෙලෙන අතර ඒ සඳහා මනෝ වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර ලබා ගත් බවයි.

මානසික ආතතිය දිවි නසා ගැනීමට මුල් වන බව ද එහි සඳහන්ව ඇති කරුණක්.

Back to top button