ප්‍රවීන මාධ්‍යව්දී බන්දුල පද්මකුමාරත් දිවි මගෙන් සමු ගනී..

ඔහු වකුගඩු ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියෙදී කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබුණි. පද්මකුමාර මහතා මාස තුනකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලැබූ බව ඥාතියෙක් පැවසීය. අභාවප්‍රාප්ත වනවිට ඔහු 71වැනි වියේ පසුවිය.

1970 වර්ෂයෙන් ආරම්භ කරන ලද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතාගේ මාධ්‍ය ජීවිතය දිගු කාලයක් ඔස්සේ විවිධ හැඩතලවලින් සහ විවිධ මාන ඔස්සේ රැගෙන යන්නට ඔහුට හැකිවිය.

ලක්බිම පුවත් පතෙහි ආරම්භකයා මෙන්ම එහි ප්‍රධාන කර්තෘ වරයා වූ එතුමා ‘ගීතා’, ‘සරසි’ වැනි සිනමා පුවත්පත් ද ‘කුමරි’, අරලිය, රැජිණ, සත්සර, මැද පෙරදිග, වැනි සතිපතා සඟරා රාශියක්ද ආරම්භ කිරීමට මුල්වූ ඒ මහතා මාධ්‍යවේදියකු ලෙස පුවත්පත් කලාවට දීර්ඝ කාලීන සේවයක් කළේය.

එකළ එතුමා විසින් ස්වර්ණවාහිනීයේ ආරම්භ කරන ලද මුල් පිටුව’ සහ ‘ලෝක සිතියම’ රූපවාහිනී සඟරාමය වැඩ සටහන් සියල්ල නරඹන්නන් අතර අතිශය ජනප්‍රිය වැඩ සටහන් විය.

මාධ්‍යවේදියකු ලෙස මෙන්ම චිත්‍රපට කලාවෙහි ද නිරතවූ පද්මකුමාර මහතා පත්තර මහගෙදර වූ ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා ලෙසද කාලයක් සේවය කළේය.

.

Back to top button