ඇමරිකා එක්සත් ජනපදයේ බෲක්ලින් ප්‍රදේශයේ මාර්ග බාධකයකදී පොලීසිය විසින් කළු ජාතික තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා
මෙම සිදුවීම ගැන එරට පොලිස් ප්‍රධානියා පවසා තිබෙන්නේ පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතිකයෙකුට වෙඩි තැබීම හදිසි අනතුරක් ලෙසටයි
20 හැවිරිදි Daunte Wright නැමති තරුණයා වෙඩි වැදී මියයාමෙන් අනතුරුව එරට ජනතාව තුළ නොසන්සුන්තාවයක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
George Floyd නැමති කළු ජාතිකයා සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් දණහිසෙන් සිරකොට ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳ නඩු විභාගය පැවැත්වෙද්දි මෙලෙස තවත් සිදුවීමක් සිදුවීම එරට ජනතාව විදි බැසීමට හේතුවී ඇති අතර ඇඳිරි නීතියද ප්‍රකාශයට පත් කර තිබෙනවා
රථවාහන නීතිය උල්ලංඝනය කිරීමක් හේතුවෙන් Daunte Wright පරික්ෂා කර ඇති අතර ඔහු නැවත සිය මෝටර් රථයට නැගීමට උත්සාහ කරන විට මෙම සිදුවීම ඇතිවී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ