බහුදින ධීවර යාත්‍රාවක් පෙරළී ‘මුහුද මැද ජීවිතය ඉල්ලන’ ලාංකිකයෝ..

බේරුවල ධීවර වරායෙන් මසුන් මැරීම සදහා මුහුදු ගොස් සිටී බහුදින ධීවර යාත්‍රාවක් මාලදිවයින් මුහුදු සීමාවේදී අනතුරට ලක්ව ඇතැයි වාර්තා වෙයි.

යාත්‍රාව නොපිට පෙරලී ගොස් ඒ මත නැගී ආධාර ඉල්ලා කෑගසමින් සිටී ධීවරයන් , ඒ අසලින් ගමන් ගත් ඉන්ධන ප්‍රවාහනය නෞකාවකින් බේරාගෙන ඇති අතර එක් ධිවරයකු අතුරුදහන්ව ඇතැයි ද බේරුවල වෙරළ ආරක්ෂක බළකා කාර්යාලය සඳහන් කරයි.

පයාගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට බහුදින ධීවර යාත්‍රාවක් වන අතර , එහි බේරුවල , වලතර සහ අඹේපිටිය ප්‍රදේශවල ධීවරයන් ගමන්කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි වෙරළ ආරක්ෂක බළකාය පවසයි.

Back to top button