බ්‍රසීලයේ කොවිඩ් ප්‍රභේදය ලෝකයට “න්‍යෂ්ටික බෝම්බයක්” වන හැඩ ..

බ්‍රසීලයේ ව්‍යාප්ත වන P1 යනුවෙන් හඳුන්වන කොවිඩ් වෛරස ප්‍රභේදය පාලනය කිරිමට ඉක්මන් පියවර නොගත හොත් එය ඉදිරියේදී න්‍යෂ්ටික බෝම්බයක පිපිරීමක් හා සමාන වනු ඇති බවට විද්‍යාඥයින් අනතුරු අඟවනවා.

මේ වන විටත් මෙම නව වෛරස් ප්‍රභේදය ලොව පුරා රටවල් 15කින් වාර්තා වී තිබෙනවා.

කොවිඩ් වෛරසය මිට පෙර ආසාදනය වූ පුද්ගලයින්ට වුවද ඔවුන්ගේ සිරුරේ ඇතිවන ප්‍රතිශක්තිය මඟහරවමින් යලි ආසාදිතයින් බවට පත් කිරීමේ හැකියාව මෙම නව වෛරස් ප්‍රභේදයට හැකියාව ඇති බව විද්‍යාඥයින් පවසනවා.

මේ දක්වා බ්‍රසීලයේ ජනතාවට කොවිඩ් මර්ධන එන්නත ලබාදීම ආරම්භ කර නොමැති අතර එන්නත ලබාදීම තවදුරටත් ප්‍රමාද වුවහොත් එය බ්‍රසීලය තුල කොවිඩ් ව්‍යාප්තියේ අදුරුතම කාලපරිච්ජේදය ඉදිරි සති කිහිපයේදී දැක ගත හැකිවනු ඇති බවට විද්‍යාඥයින් අනතුරු අඟවා සිටිනවා.

තවද කොවිඩ් ආසාදන අනුපාතය ඉහළ යන බැවින් බ්‍රසීලය පළමු වරට එක් දිනක් තුළ කොවිඩ් ආශ්‍රිත මරණ 2,000 ඉක්මවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මරණ සංඛ්‍යාව 270,917 ක් වන අතර එක්සත් ජනපදයට වඩා ලෝකයේ දෙවන වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ බ්‍රසීලයෙන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Back to top button