පාන් ගෙඩියක් රු 400ටත් නෑ – පෝලිමේ සිටියත් ගන්න බෑ..

මේ වන විට උග්‍ර පාන් පිටි හිගයක් ඇති වි තිබෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

මෙරට බේකරි සදහා පාන්පිටි අවශ්‍යතාවයෙන් ලැබෙන්නේ 75%ක් පමණක් බවත් එනිසා බේකරි නිෂ්පාදන කර්මාන්තය බිඳ වැටෙමින් පවතින බවත් සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසීය.

බේකරි නිෂ්පාදන මේ හේතුවෙන් අඩු වී ඇති අතර ඒවායේ මිල ගණන් හිතූ හිතූ ඉහළ දැමීමට බේකරි හිමියන්ට සිදු වී ඇති බව ද හෙතෙම සදහන් කලේය.

අද වන විට පාන් ගෙඩියක් රුපියල් සීයකට ආසන්න මිලකට අලෙවි වුව ද ඉදිරියේ දී පාන් ගෙඩියක් රුපියල් තුන් හාර සීයකට වත් ගැනීමට නොහැකි වනු ඇති බවත් ඉදිරියේදී පෝලිමේ ගිහින් වත් පාන් ගෙඩියක් ගැනීමටත් නැති වනු ඇති බවත් සභාපතිවරයා පැවසීය.

මේ හේතුවෙන් හැකි ඉක්මනට පාන් පිටි වල පාලන මිල යළිත් පනවා රජය පිටි මිල පාලනයට මැදිහත් වන ලෙසද හෙතෙම ඉල්ලා සිටියේය.

Back to top button