ප්‍රවීන රංගන ශිල්පී බර්ටි ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි..

ප්‍රවීන රංගන ශිල්පී බර්ටි ගුණතිලක මහතා අද (06) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

රෝගාතුරව කහවත්ත මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත වනවිට ඔහු 98 වන වියේ පසු වුණා.

බර්ටි ගුණතිලක මහතා 1924 අගෝස්තු 2 වන දින මහනුවර අම්පිටියේදී උපත ලබා තිබේ.

විකට නළුවෙකු ලෙස සිය කලා කටයුතු සිදුකළ ඒ මහතා රූපවාහිනියේ සහ ගුවන් විදුලියේ සෑම විකට වැඩසටහනකම පාහේ පෙනී සිටියා.

බර්ටි ගුණතිලක මහතා 1947 දී “ළමා පිටිය” වැඩසටහනෙන් රේඩියෝ සිලෝන් වෙත සම්බන්ධ වී ඇත. 1954 දී රේඩියෝ සිලෝන් හී බර්ටි ගුණතිලක මහතා සම්බන්ධ වු “විහිළු තහළු” විකට වැඩසටහන අතිශයින් ජනප්‍රිය විය.

ඒ, අතර ජනප්‍රිය හාස්‍ය කතා නාට්‍යයක් වන “විනෝද සමය” කතා මාලාවේ ඔහු මැවූ චරිත ප්‍රේක්ෂකයින් අතර මතකයේ රැඳෙන චරිත බවට පත් වුණා.

Back to top button