ආණ්ඩුව විවේචනය කිරීම හේතුවෙන් ඉදිරි දින කීපය ඇතුළත තවත් කැබිනට් අමාත්‍යවරයකු තනතුරින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව විශ්වාස කටයූතු ආරංචිමාර්ග සදහන් කරයි.
එම ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ කැබිනට් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ හෝ වාසුදේව නානායක්කාර මහතා හෝ උදය ගම්මන්පිල මහතා හෝ මෙසේ අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවකි.
අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීම කඩකිරීම, කැබිනට් මණ්ඩලයට එරෙහිව අධිකරණය ඉදිරියට යාම ඇතුලු චෝදනා කිහිපයක් මෙම අමාත්‍යවරුන්ට එරෙහිව ඉදිරිපත් වී තිබීම ඒ සදහා හේතු වී තිබේ.
එමෙන්ම ඔවුන්ට මේ වනවිට අධිකරණය හමුවේ ආණ්ඩුවට එරෙහිව පවරා ඇති නඩුවෙන් ඉවත් වන ලෙසට දැනුම් දීමක් කර ඇති බවද වාර්තා වේ.
දැනටමත් ජනාධිපතිවරයා විසින් සුසිල් ප්‍රේමජයන්ත මහතා අමාත්‍ය තනතුරින් ඉවත් කිරීමට පියවර ගෙන තිබිණ..