කැනඩාවේ උෂ්ණත්වය ඉහළට.. ඊයේ සෙල්සියස් 49.6ක්..

කැනඩාවේ අධික උෂ්ණත්වය හේතුවෙන් ඉකුත් සිකුරාදා (25) සිට ඊයේ (30) දක්වා 130ක් මිය ගොස් ඇති බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙලෙස මිය ගිය බොහෝ අය වයෝවෘද්ධ අය හෝ විවිධ රෝගාබාධාවලින් පෙළුණු අය බවයි වාර්තා වන්නේ.

මේ වන විටත් කැනඩාවේ උෂ්ණත්වය ඉහළ යමින් පවතින අතර ඊයේ දිනය වන විට උෂ්ණත්ව සෙල්සියස් අංශක 49.6ක් ලෙසයි සටහන් වී ඇත්තේ.

එමෙන්ම එක්සත් ජනපදයේ වයඹ දෙසින් ද වාර්තාගත ලෙස උෂ්ණත්වය ඉහළ යන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසනවා.

ප්‍රවීණයන් පවසන්නේ දේශගුණික විපර්යාස නිසා තාප තරංග වැනි ආන්තික කාලගුණික සිදුවීම් වැඩි වන බවයි. කෙසේ වෙතත්, ඕනෑම සිදුවීමක් ගෝලීය උණුසුම සමඟ සම්බන්ධ කිරීම සංකීර්ණ ය.

Back to top button