හිටපු ජනාධිපති චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය හෙට (14) දිනයේදී කොළඹදී විශේෂ උත්සවයකට එක්වීමට නියමිතය.
ඒ, චන්ද්රිකා බණ්ඩාරනායක මැතිනියගේ ජීවිත කතාව අළලා ලියවුණු ‘චන්ද්රිකා’ ග්රන්ථය දොරට වැඩීමේ උත්සවයේදීය.
හෙට සවස 3ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවැත්වෙන මෙම උත්සවයේ ප්රධාන දේශනය හිටපු අගවිනිසුරුවරිය විසින් පැවැත්වීමට නියමිතය.