පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධනගේ ඉල්ලා අස්වීම ද්වේශ සහගත ලෙස වාර්තා කිරීම සම්බන්ධයෙන් මෙරට ප්‍රධාන පෙළේ පුවත්පත් ආයතන දෙකක කතෘවරුන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා තිබේ.
ඒ, වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි.
ද්වේශ සහගත ලෙස අසත්‍ය කරුණු ඇතුලත් ප්‍රකාශ නිකුත් කර අපකීර්තියට පත් කිරීම හා අපහාස කිරීම යන කරුණු මුල්කර ගනිමින් වෙළෙද අමාත්‍යවරයා එම පැමිණිල්ල සිදුකර තිබේ.
මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා ඇත්තේ ලංකාදීප සහ දිවයින යන පුවත්පත්වල කතෘවරුන් වේ.