කොළඹට ගුවන් පාලම් 4ක්..බත්තමුල්ලට සහ කඩුවෙලට විකල්ප මාර්ග..

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මාර්ගවල පවතින රථවවාහන තදබදයට පිළියම් යෙදීම සඳහා ගුවන් පාලම් , උමං පදික මාරු, ගුවන් පදික මාරු,අතුරු මාර්ග  ඉදිකිරීමට රජය තීරණය කර තිබෙනවා.

මේ යටතේ කොළඹ නගරයේ පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා හඳුනාගත් ස්ථාන වල ගුවන් පාලම් ඉදිකිරීමට මේ වන විට මූලික සැළසුම් සකස් කර තිබෙනවා.

ඒ අනුව කොහුවල ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත ගුවන් පාලම, බාලදක්ෂ මාවතේ ඉදිකිරීමට යෝජිත ගුවන් පාලම, උත්තරානන්ද මාවතේ ගුවන් පාලම සහ විනිසුරු අක්බාර් මාවතේ ඉදිකිරීමට යෝජිත ගුවන් පාලම මුල් තැනක් ගනු ලබනවා.

අධික රථවාහන තදබදය මගහැර ගමන් කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කය තුළ සංවර්ධනය කළ යුතු විකල්ප මාර්ග ලෙස කිඹුලාවල වංගුවේ සිට පන්නිපිටිය, හරහා බොරුපන මාර්ගය සංවර්ධනය කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරනවා.

තදබදය මගහැර බත්තරමුල්ලේ සිට කඩුවෙල දෙසටත් කඩුවෙල සිට බත්තරමුල්ල දෙසටත් ගමන් කරන වාහන සඳහා චන්ද්‍රිකා කුමාරතුංග මාවත හා තලාහේන අතර විකල්ප මාර්ගයක් සංවර්ධනය කිරීමට ද යෝජිත අතර චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ සිට අතුරුගිරිය දක්වා විකල්ප මාර්ගයන්ද ඉදි කරනු ඇති.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Back to top button