ලබන සෙනසුරාදා (08) උදෑසන අටේ සිට රාත්රී 12 දක්වා පැය 16ක කාලයක් සඳහා ජලය සැපයීම අත්හිටවෙන බව වාර්තා වෙනවා.
ඒ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ හා කඩුවෙල මහනගර සභා මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව නගර සභා මෙන්ම කොටිකාවත්ත – මුල්ලේරියාව ප්රාදේශීය සභා බල ප්රදේශවලට මෙසේ ජලය සැපයුම නැවතෙනු ඇති.