වෙළෙඳපොළේ ඇති පොල් තෙල් පරිභෝජනය ඉතා භයානකයි – විජයදාස රාජපක්ෂ..

පාරිභෝගික සේවා අධිකාරිය මගින් දිවයිනේ දිස්ත්‍රික්ක විසිපහ ම ආවරණය වන පරිදි විවෘත වෙළෙඳපොළෙන් ලබාගත් පොල් තෙල් සාම්පල 55 පරීක්ෂණයට අනුව ඉතාමත් ම භයානක මට්ටමකට පිළිකා කාරක අන්තර්ගත වූ පොල් තෙල් සාම්පල ද පැවති බවට නිගමනය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරනවා

විජයදාස රාජපක්ෂ මහතාගේ නිවේදනයේ දැක්වෙන්නේ එම පරීක්ෂණයට අනුව අංශු 17.9ක් වැනි ඉතාමත් ම භයානක මට්ටමකට පිළිකා කාරක අන්තර්ගත වූ පොල් තෙල් සාම්පල් එසේ ලබාගෙන ඇති සාම්පල් 55 අතරේ තිබී ඇති බවයි

පාරිභෝගික සේවා අධිකාරිය වෙත ලැබී ඇති සාම්පල් පරික්ෂාව Milligrams per killo (10PB) අංශු බිලියනයකට Aflatoxin කොටස් ගණනය කිරීමේ mg ක්‍රමය මගින් සිදුකර ඇතැයි රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත. එම පරීක්ෂණ ක්‍රමවේදයට අනුව පොල්තෙල්වල අංශු බිලියනයකට Aflatoxin අංශු 10කට වඩා වැඩි නම් එය ඉතා බරපතළ ගණයේ මිනිස් සිරුරට පිළිකා කාරක සපයන්නක් බව ද ආචාර්ය විජයදාස රාජපක්ෂ සිය නිවේදනය මගින් පෙන්වා දී තිබෙනවා .

මෙම සාම්පල් පරීක්ෂාවෙහි Aflatoxin අගය 10 ඉක්ම වූ සාම්පල් 6ක් ද, අගය 5 ඉක්ම වූ සාම්පල් 14ක් ද, Aflatoxin නොතිබූ බවට තහවුරු කළ සාම්පල් 8ක් ද පවතින බව එම නිවේදනයෙහි දක්වා තිබෙන අතර පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එල්. ඩී. නිරෝෂණ මහතා අප්‍රේල් 1 වන දා මාධ්‍ය අමතමින්, එම සාම්පල්වල මිනිස් සිරුරට අහිතකර Aflatoxin නොමැති බවට කළ ප්‍රකාශය ඉතා බරපතළ අසත්‍යයක් බවත්, ඔහු හිතාමතා ම පිළිකා කාරක අඩංගු පොල්තෙල් මහජනතාවට පරිභෝජනය කිරීමට පොලඹවා ජනතාවගේ ජීවිත විනාශ කිරීමට තැත්කරන බව පැහැදිලි බවත් එම නිවේදනය මගින් අවධාරණය කර තිබෙනවා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Back to top button