ලංකාවේ නවතම කොවිඩ් තත්වය ..

දින 100 ක් ඇතුළත මෙරට කොවිඩ් ආසාදිතයින් මිලියනය දක්වා වර්ධනය විය හැකි බවට, සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

මේ අතර, තවත් කොවිඩ් ආසාදිතයින් 2,478 දෙනෙක් ඊයේ මෙරටින් වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 147680 ක්.

මේ වනවිට වාර්තා වී ඇති සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව ද 981 ක්.

කොවිඩ් ආසාදිත තවත් මරණ 19 ක් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා.

ඉන් වැඩිම ආසාදිත මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්.

ඊයේ වාර්තා වූ ආසාදිත මරණවලින් 14 දෙනෙකුම පිරිමි පුද්ගලයින් වන අතර, සෙසු පස්දෙනා කාන්තාවන්.

එම මරණ 19 න් 14 ක් වයස අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයින් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.

මේ අතර, කොවිඩ් ආසාදිතව කන්තලේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. තුරෙයිරත්නසිංහම් මහතා මියගොස් තිබෙනවා.

Back to top button