කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් පසු දින 02කට වඩා උණ තියෙනවා ද?

කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමෙන් දින දෙකකට පසුවත් උණ තත්වයන් ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වියයුතු බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

“සාමාන්‍යයෙන් දවස් 2ක් ඇතුළත මේ උණ අඩු වෙනවා. ඉන් පසුවත් උණ තිබුණොත් ඒක නොසලකා හරින්න එපා. හැකි ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්න. මොකද ඒකට හේතුව ඩෙංගු රෝගය වෙන්න බැරිකමක් නෑ.” නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියේ.

.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Back to top button