කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලබන පුද්ගලයන්ගේ රුධිරය කැටි ගැසීමේ අවදානමක් පවතින බව නවතම අධ්යයනයකින් අනාවරණ වී තිබෙන බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
සුවය ලබා මාසයක් ගතවන ආසාදිතයන් තිස්දෙනෙකුගේ සාම්පල ලබාගනිමින් සිංගප්පූරුවේ විශේෂඥ කණ්ඩායමක් විසින් එම අධ්යයනය සිදුකර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
ඔවුන්ගේ රුධිර පරීක්ෂණ වාර්තා අනුව එම පුද්ගලයින්ගේ රුධිරය ඝන වී ඇති බවත්, රුධිර වාහිනීවලට හානි සිදුවී ඇති බවත් සිංගප්පූරුවේ විශේෂඥවරුන් සොයා ගෙන තිබේ.