දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිතව පිරිසක් ගමන් කළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා.
මෙම තරුණයන් සිදුකරන ක්‍රියාව මෝටර් වාහන පනතේ මෙන්ම අපරාධ නීතිය යටතේ ද වරදක් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.
ඒ අනුව ශරීරය පිටතට එන ආකාරයෙන් මෝටර් රථයේ ගමන් කරන ආකාරය දැක්වෙන එම වීඩියෝවට අදාළ මෝටර් රථය මහනුවර නගරය ආසන්නයේ ප්‍රදේශයක පදිංචිකරුවෙකුගේ නමට ලියාපදිංචි කර ඇති එකක් බවට අනාවරණ වී ඇති බවත් අජිත් රෝහණ මහතා සඳහන් කළා.