ප්‍රවීන ගායන ශිල්පී ඩෙස්මන් ද සිල්වා මහතා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී අභාවප්‍රාප්ත වීමේ පුවත සංගීතයට ලැදි බොහෝ දෙනෙකුට දුක්බර පුවතක් වුණා.
”බයිලා ලොවේ රජු” ලෙස විරුදාවලිය ලත් ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා පනස් වසරක් ශ්‍රී ලංකේය සංගීත ක්ෂේත්‍රෙයේ නොමැකෙන සටහනක් තැබු ගායකයෙකු ලෙස ජනාදරයට පත් වුණා.
ඩෙස්මන් ද සිල්වා මහතා ලෝකල් එල්විස් ප්‍රෙස්ලි නමින් ද ජනාදරයට පත් සිටි අයෙක් වනවා.
‘චූඩා මාණිකේ’, ‘යන්න රට වටේ’, ‘සුමිහිරි පානේ පදමට ගහලා’, ‘ලංකාවට බයිලා ගෙනා වොලී බැස්ටියන්’, ‘පොල්කටු හැන්දෙ මිට වගේ’, ‘මම්ම නෝ පප්ප නෝ’, ‘යමන් බණ්ඩො’, ‘කකුල කකුල කකුල මගේ’, ‘එතකොට, රෑ දොළහට ලයිට් ගියා’, ‘කිරිල්ලී රන් කිරිල්ලී’ වැනි ගීත රැසක් ඔහු විසින් ගායනා කර තිබෙනවා.