1995 මැයි 26 දින සිදුවූ දිඹුලාගල නාහිමි ඝාතනය..

නැගෙනහිර මායිම් ගම්මානවල ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් දිවා රෑ නොබලා කැපවූ ශ්‍රේෂ්ඨ සංඝ පීතෘවරයකු වූ නැගෙනහිර තමන්කඩු දෙපළාතේ ප‍්‍රධාන සංඝ නායකව වැඩවිසූ දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මාතර කිතලගම ශ‍්‍රී සීලාලංකාර මාහිමිපාණන් කොටි ත‍්‍රස්තවාදීන් පිරිසක් එල්ල කරන ලද රුදුරු වෙඩි පහරවලින් අපවත් වූයේ 1995 මැයි 26 දින එනම් අද වැනි දිනකය.

වෙනදා මෙන්ම කුඹුරු කටයුතුවල නිරත ජනතාවගේ දුක සැප ද සොයා බලමින් තම රථයෙහි නැ`ගී කුඹුරකට ගමන් කරමින් සිටියදී සැ`ගවී සිටි කොටි ත‍්‍රස්තවාදීන් එල්ල කළ වෙඩි ප‍්‍රහාරයෙන් උන් වහන්සේගේ රියැදුරා වන ඇන්ටන් මහතාද ජීවිතක්‍ෂයට පත් විය. තවත් අයෙක් බරපතළ තුවාල ලැබීය.

බියකරු වන සතුන් මැද තම ජනතාවගේ ආරක්‍ෂාව සුබසිද්ධිය උදෙසාම උතුම් වූ පැවිදි දිවිය කැප කළාවූ උන්වන්සේගේ ජීවිතයට කොටි ත‍්‍රස්තවාදීන් විටින් විට තර්ජන එල්ල කළහ. උන්වහ්නසේ ඒ පිළිබඳව නිරතුරුව දැනුම් දෙමින් එම තත්ත්වය බලධාරීන්ගේ අවධානයට යොමුකරන ලෙස ඉල්ලා සිටියහ.

නාරද

Back to top button