ගෑස් මිලත් ඉහළටද..?

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 700 කින් ඉහළ දැමීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බව වෙළඳ අමාත්ය බන්දුල ගුණවර්ධන ප්රකාශ ‌කළේය.
 
කෙසේ වෙතත්, ඒ සඳහා මේ වනතෙක් අනුමැතිය ලබාදී නොමැති අතර මිල ගණන් අධ්යයන කිරීම සඳහා පංච පුද්ගල අමාත්ය අනුකමිටුවක් පත් කර ඇත.
 
එම කමිටුව මගින් ලෝක වෙළඳපොලේ ගෑස් මිල වැඩිවීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අධ්යයනය කරමින් සිටින බව අමාත්ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් කියා සිටියේය.
 
මිල ඉහළ දැමීමට සිදුකළ ඉල්ලීම් සම්බන්ධයෙන් ගෑස් සමාගම්වලින් කළ විමසීමේදී ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය සඳහන් කළේ මාර්තු, අප්රේල්, මාසවලදී ලෝක වෙළෙදපොළේ පැවති මිල ගණන්වලට අනුව අවම වශයෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 540 කින් ඉහළ නංවන ලෙස ඉල්ලා ඇති බවයි.
 
අවම වශයෙන් රුපියල් 580 ක මිල වැඩිවීමක් අවශ්ය බව ලිට්රෝ සමාගමේ සභාපති අනිල් කොස්වත්ත කියා සිටියේය.

Back to top button