තෙල් නොදුන්නොත් විදුලිය නෑ..

බලශක්ති අමාත්‍යාංශය තෙල් ලබා නොදුණහොත් විවිධ ප්‍රදේශවල විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව, ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සඳහන් කළේ, සවස 6 .00 – රාත්‍රී 9.00 ත් අතර කාලයේ පැයක පමණ විදුලිය කප්පාදුවක් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවිය හැකි බවයි.

පසුගිය 23 වැනිදා සිට මේ දක්වා ඛනිජ තෙල් සංස්ථාවෙන් විදුලි බල මණ්ඩලය වෙත තෙල් ලබා දී නොමැත.

ඒ තෙල් සඳහා විදුලි බල මණ්ඩලයෙන් ගෙවීම් නොකිරීම හේතුවෙනි.

තෙල් ලබා නොදුණහොත් සපුගස්කන්ද සහ කොළඹ වරායේ පිහිටි බාජ් බලාගාරයෙන් විදුලිය උත්පාදනය කිරීමට නොහැකි වනු ඇතැයි, ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ ය.

Back to top button