කතරගම – බුත්තල මාර්ගයේ යාචක අලින් වැඩිවෙලා..

කතරගම – බුත්තල මාර්ගයේ මිනිසුන් විසින් ලබා දෙනු ලබන කෑම ද්‍රව්‍ය ලබා ගැනීමට හුරුව සිටින වන අලින්ගේ ප‍්‍රමාණය මේ වනවිට වැඩි වී තිබේ.

දිනපතා මෙම මාර්ගයෙන් ගමන් ගන්නා බස්රථ රියැදුරන් හා විවිධ පුද්ගලයන් විසින් වන අලින්ට නිතර කෑම ලබාදීම හේතුවෙන් වන අලි රැුසක් මාර්ගයේ ගමන් ගන්නා රථවාහන හිමියන් දැඩි රස්තියාදුවකට පත් කරමින් පසුවේ.

ඉකුත් 28 දා මාර්ගයේ ගමන් ගත් තී‍්‍රවිල් රථයකටද වන අලියකු ආහාර ලබා ගැනීමට මාර්ගය හරස් කිරීම මත රථයේ සිටි පිරිස කලබලයට පත්ව ති‍්‍රරෝදය පෙරළී යෑමෙන් තිදෙනකු තුවාල ලබා ප‍්‍රතිකාර ගන්නා ලදී.

මීට අමතරව යතුරුපැදිකරුවන් 54 දෙනකුට මෙම වන අලින් පහර දී තුවාල සිදුකර ඇත.

මේ සම්බන්ධව කතරගම වනජීවී නිලධාරියකු පැවසුවේ, ‘‘අද අලින්ට කැලේ ගහ කොළ අමතක වෙලා. නිතරම මිනිස්සු මේ අසරණ අලින්ට අපිරිසිදු කෑම සුදුසු නැති දේවල් ගෙනත් දමනවා. මේ නිසා අලින්ට විවිධ ලෙඩ රෝග හැදෙනවා. මේ මාර්ගය ඇතුලත් වන්නේ යාල අංක 03 කලාපයට. කැලේ අලින්ගේ. මිනිසුන්ට යන්න මාර්ගයේ ඇති අයිතිය පමණයි තියෙන්නේ. දැන් කැලේ අලි නිතරම ඉන්නේ මහ පාරේ. දන්න අය බය නැතිව යනවා. දන්නේ නැති වන්දනාකරුවන් මහමඟ රස්තියාදු වී කාලය කා දමනවා’’ යනුවෙනි
.
කතරගම – කේ. ඞී. දේවපි‍්‍රය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Back to top button