ඇඹිලිපිටියේ කොරෝනා අවධානම සීඝ්‍රයෙන් වැඩිවීමත් සමග දහම්පාසල් සහ පුද්ගලික උපකාරක පන්ති හා ගෘහස්ත උත්සව සියල්ලක්ම නතර කිරීමට තීරණය කර ඇත.
අද රැස්වූ කොවිඩ් කමිටුව විසින් එම තීරණය ගත් බව කොවිඩ් කමිටු සාමාජික ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සුරන්ත වීරසිංහ මහතා කීය.
මේ අනුව ගෘහස්ත උත්සව, දහම්පාසල්, පුද්ගලික පන්ති පැවැත්වීම සති දෙකක කාලයක් සදහා සම්පූර්ණ තහනම් කර ඇත.පෙර පාසල්ද මේ ගණයට ඇතුලත් කරන බව ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා කීය.