අසරණ වූ මව සහ දරුවන් සතර දෙනාට නගරාධිපති පිහිට වෙයි..

ගෙවල්කුලී ගෙවාගැනීමට නොහැකිවීම නිසා අසරණ වූ මව සහ දරුවන් සතර දෙනා පිළිබඳව ප්‍රවෘත්තියක් පසුගිය දා ස්වර්ණවාහිනී නාලිකාවේ ප්‍රචාරය වු අතර, ඒ පිළිබඳ ‍සොයා බලා කටයුතු කිරීමට ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ගම්පහ මහා නගරසභාවට අයත් තාවකාලික ස්ථානයක ඔවුන්ට නවාතැන් පහසුකම් ලබා දීමට කටයුතු කර ඇති අතර, ඔවුන්ට අවශ්‍ය අත්‍යාවශය බඩු භාන්ඩ සහ ආහාර සැපයීමට ද නගරාධිපතිවරයා කටයුතු කර තිබුණා.

Back to top button