නැවේ හිමිකරුවන් ශ්‍රි ලංකා ජනතාවගෙන් සමාව ඉල්ලයි..

“එක්ස්ප්රස් පර්ල්” නෞකාවේ ගිණි ගැනීමේ සිද්ධිය නිසා ශ්රී ලංකා ජනතාවගේ ජීවන වෘත්තියට සහ පරිසරයට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් සිය සමාව සහ කනගාටුව ප්රකාශ කරන බව එම නෞකාව හිමි සමාගම පවසයි.
මෙම නෞකාව අයත් එක්ස්ප්රස් ෆීඩර් නැව් සමාගමේ ප්රධාන විධායක නිළධාරී සැමුවෙල් යෝස්කොවිච් සිංගප්පුරුවේ නිව්ස් ඒෂියා රූපවාහිනි සේවාව සමඟ මාධ්ය සාකච්ඡාවකට එක් වෙමින් මෙම අදහස් ප්රකාශ කර ඇත
සැමුවෙල් යෝස්කොවිට්ස් පැවසුවේ මෙතෙක් එම නෞකාවේ ඉන්ධන කාන්දුවක් හඳුනාගෙන නොමැති බවය.
“මෙම සිදුවීමෙන් ඔවුන්ගේ ජීවන වෘත්තියට සහ පරිසරයට ඇතිවූ හානිය සම්බන්ධයෙන් මම කැමතියි මගේ කණගාටුව ශ්රී ලංකා ජනතාවට පළ කිරීමට. මෙම සිදුවීම වාර්තා වුණාට පස්සේ අපි මේ සම්බන්ධ විශේෂඥයින් සමග සම්බන්ධ වුණා. නාවික ඉන්ධන මගින් සිදුවන පරිසර දූෂණය සඳහා වන ජාත්යන්තර අරමුදල සමගත් අපි වැඩ කරනවා. නමුත් මෙතෙක් නැවෙන් තෙල් කාන්දුවන බව හඳුනාගෙන නෑ.”
මෙහිදී වන්දි ක්රියාවලිය පිළිබඳ අදහස් දැක් වූ ඔහු ප්රකාශ කර සිටියේ එම ක්රියාවලිය තක්සේරු කරමින් පවතින බවත් එය දීර්ඝ ක්රියාවලියක් බවත්ය.
මේ වනවිට නෞකාවේ කොටසක් ගිලිලා පවතින අතර එය දැන් මීටර් 21ක් විතර ගැඹුරු මුහුදු පත්ලේ රැඳිලා පවතින බව ද මෙහි දී ප්රකාශ විය.
එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් නරඹන්න‍

Back to top button