එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් පාවී ආ සුන්බුන් එකතු කළ සමහරුන්ට ආසාත්මිකතා..

ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්රස් පර්ල් නෞකාවේ සුන්බුන් එකතු කළ ඇතැම් පුද්ගලයින්ට ආසාත්මිකතා ඇති වී තිබෙන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්ය සරත් වීරසේකර මහතා සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ,
“මේ නෞකාවෙන් පාවෙලා ආපු විවිධ කෑම වර්ග රැගෙන ගොස් අනුභව කරපු අයට දැනටමත් විවිධ කැසීම් සහ ආසාත්මිකතා ඇතිවෙලා. ජනතාව මීට වඩා අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. මේවා විස. කොරෝනාවලට අමතරව තවත් වසංගතයක් බෝ වෙන්න ඉඩ දෙන්න එපා. දැන් මේවා ගන්න අයට දැඩි දඬුවම් පනවනවා,” යනුවෙනි.
නෞකාවෙන් මුහුදට වැටුණු බහාලුම් ඇතුළු විවිධ සුන්බුන් මීගමුව වෙරළ තීරයට, කොල්ලුපිටිය සහ පානදුර දක්වා වූ වෙරළ තීරයට ඊයේ සිට ගසාගෙනවිත් තිබුණි.
අදාළ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් යටතේ සිදුකරන බව නාවික හමුදාව සඳහන් කරයි.
මේ අතර ‘එක්ස්ප්රස් පර්ල්’ නෞකාව ඉන්දියාවේ සහ කටාර් හි වරායන් දෙකකට ඇතුළුවීමට සිදුකළ ඉල්ලීම එම වරායන් ප්රතික්ෂේප කළ බවට පළවූ විදෙස් මාධ්ය වාර්තා ප්රතික්ෂේප කරන බව අර්බුද සන්නිවේදනය කිරීමේ අන්තර්ජාතික ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කර තිබේ.
අදාල නෞකාව අයත් සිංගප්පූරු සමාගමේ විධායක අධ්යක්ෂවරයා උපුටා දක්වමින් සඳහන් කර තිබුණේ අදාළ වරායන් නැවට ඇතුළුවීමට අවසර ලබානොදීම හේතුවෙන් එම නෞකාව කොළඹ වරායට පැමිණි බවය.
කෙසේවෙතත් අර්බුද සන්නිවේදනය කිරීමේ අන්තර්ජාතික ආයතනය නිවේදනයක් නිකුත් කරමින් එය ප්රතික්ෂේප කර ඇත.
එම ආයතනයේ උතුරු හා දකුණු ආසියා කලාපයේ අධ්යක්ෂ ඇන්ඩෘෘ ලේහි පෙන්වා දෙන්නේ අදාළ නෞකාව කටාර් සහ ඉන්දියාවේ වරායන්වලට ගොස් භාණ්ඩ ගොඩබස්වා යළි ගමන් ආරම්භ කර ඇති බවය.
එම නිසා අදාළ වරායන්වලට ඇතුළුවීමට අවසර නොදුන් බවට පළවන වාර්තා ප්රතික්ෂේප කරන බව ඔහු සිය නිවේදනය මගින් ප්රකාශ කර තිබේ.
මේ අතර එම නෞකාව කොළඹ වරායට පැමිණීම සම්බන්ධයෙන් වරාය අධිකාරියේ සභාපති විශ්රාමික ජෙනරාල් දයා රත්නායක මහතා අදහස් පළ කළේය.
එහිදී ඔහු සඳහන් කළේ, “බාර ගත්තේ නෑ කියන වරායන්වලට මේ නෞකාව ගිහින් තියෙනවා. භාණ්ඩ හුවමාරු කරගෙනත් තියෙනවා. තුන්වෙනියට තමයි එන්න තිබුණේ කොළඹ වරායට. නමුත් මේ කාන්දුව පිළිබඳව වරාය අධිකාරියවත් ඒ පර්යන්තයේ කණ්ඩායමවත් දැනුවත් නෑ. ඒ සම්බන්ධයෙන් නැව් සමාගමවත් අපිව දැනුවත් කරලා නොතිබීම තමයි මෙතන ගැටලුව,” යනුවෙනි.
Back to top button