බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමෙන් පසු ලංකාවේ සියලු ජනතාවගේ ප්‍රතිශක්තිකරණය අපේක්ෂිත මට්ටමට ළඟා වුවහොත් මුහුණු ආවරණ නොපැළඳ සිටීමට මෙන්ම උත්සව පැවැත්වීම ඇතුළු රට මුළුමනින්ම විවෘත කිරීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.
මේ අතර, ඇතැම් විට එකම පුද්ගලයෙකුට කොරෝනා වෛරසය අවස්ථා කිහිපයක දී ආසාදනය වීමේ වැඩි ප්රවනතාවක් පෙන්නුම් කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළා.
එමෙන්ම, නව කොරෝනා ආසාදිතයින් 1231 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගියේ 636,837ක් දක්වායි.
නව මරණ 25ක් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 15 දහස් 994ක් දක්වා ඉහල ගියා.
පෙබරවාරි 21, 2022