ඉන්ධන ලබා දීමේදී ‘කූපන් ක්‍රමයක් ගේන්න’ යෝජනාවක්..

වාහනවලට ඉන්ධන ලබා දීමේදී කූපන් ක්‍රමයක් හඳුන්වා දෙන්නැයි ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර ඇතුළු පිරිසක් ආණ්ඩුවට දැඩිව බලපෑම් කරමින් සිටිනවා.

ඉල්ලීම් කළද ඉහළ පෙළැන්තියේ බලපෑම නිසා එය ක්‍රියාත්මක වීම පමා කරන බවත් ඉහළ පැලැන්තිය එවැනි ක්‍රමයකට කැමති නැති බවත් වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

රටේ ආර්ථිකයට බලපෑම් ඇති වන විට මෙවැනි ක්‍රමවලට යෑමට සිදුවන බව පැවසූ අමාත්‍යවරයා භාවිතය සීමා කිරීමෙන් ඉන්ධන ප්‍රශ්නයට යම් විසඳුමක් ලබාගත හැකි බවද පවසනවා.

“අපි ඉල්ලන සියලු දේවල් ආණ්ඩුවෙන් ඉටුවන්නේ නැහැ.” යැයිද ඔහු සඳහන් කළා.

Back to top button