ගාලුමුවදොර අරගල පිටියේ විරෝධතාකරුවන්ට නොමිලේ 4G 5G..

අඛණ්ඩව 7 වැනි දිනටත් ක්‍රියාත්මක වන, ගාලුමුවදොර අරගල පිටියේ සිටින විරෝධතාකරුවන් වෙනුවෙන්, අද (15) සිට නොමිලේ 4G 5G පහසුකම් ලබාදීමට කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

කෙසේ වෙතත්, එම ස්ථානයේ සම්ප්‍රේෂණ කුළුණක් සවි කර ඇති නමුත් මේ වන තෙක් එයට සම්බන්ධතාවය ලබා දී නොමැති බවයි වාර්තා වන්නේ.

එහි පැමිණි තාක්ෂණ ශිල්පීන් සඳහන් කර තිබුණේ, මෙය අරගල භූමිය වෙනුවෙන්ම සවි කරනු ලැබූවක් බවයි.

Back to top button