ලංකාවේ හතරෙන් එකක් රට යන්න හදයි – ගාඩියන් පුවත්පත ලොවට හෙළිකරයි..

විදේශ සංචිත සිඳී යාම, උද්ධමනය වාර්තාගත ලෙස ඉහළ යාම හේතුවෙන් 2022 වසරේදී ශ්‍රී ලංකාව බංකොලොත් වීමේ අවදානමක් මතුව ඇති බව බ්‍රිතාන්‍යය පලවන ‘ද ගාඩියන්’ පුවත්පත වාර්තාකරයි.

මේ වන විට ශ්‍රී ලාංකිකයන් සෑම සිව් දෙනෙකුගෙන් එක් අයෙකු හැකි ඉක්මනින් රට අතහැර යාමට සූදානමින් සිටින බවද එහි සඳහන් වෙයි.

ශ‍්‍රී ලංකාවේ පවුල් වලින් බහුතරයක් තම ආදායමෙන් මූලික අවශ්‍යතාවයන් පවා පිරිමසා ගත නොහැකි තත්වයට පත්ව දැවැන්ත ආර්ථීක අභියෝගයකට මුහුණ දී තිබෙන බවද වාර්තාවේ දැක්වෙයි.

BBC ලෝක සේවයද ඊයේ දින ලංකාව සම්බන්ධයෙන් ප්‍රවෘත්ති විශේෂාංගයක් පළ කිරීමට පියවර ගෙන තිබිණ.

ගාඩියන් පුවත්පත පළ කළ ලිපිය මෙසේය.

Back to top button