ලෝකයේ විශිෂ්ඨ හමුදා නායක ලැයිස්තුවට එක්කළ ලංකාවේ හමුදා නායකයා..

හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ලෝකයේ විශිෂ්ඨ හමුදා නායකයකු වශයෙන් ඇමැරිකාවේ එක්සත් ජනපද අණ හා මාණ්ඩලික විද්‍යාලයේ විශිෂ්ඨතමයන්ගේ ලයිස්තුවට එක්කරමින් ගෞරව සම්මානයෙන් පිදුම් ලබා ඇත.

ශ්‍රි ලංකා යුද හමුදා ඉතිහාසයේ හමුදාපතිවරයකු ලබා ඇති ඉහළම ගෞරව සම්මානය වන අතර මෙම සම්මානය හිමිකරගත් එකම ශ්‍රි ලංකිකයා වන්නේද ජෙනරාල් මහේෂ් සේනානායක මහතා බව සඳහන් වේ.

තරු හතරේ ජෙනරාල්වරයකු වන මහේෂ් සේනානායක මහතාට ගෞරව සම්මානය පුදකිරීමේ උත්සවය පසුගිය (16) දින ඇමැරිකාවේ එක්සත් ජනපද අණ හා මාණ්ඩලික විද්‍යාලයේ දී පැවත්වීය.

ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඇමැරිකාවේ එක්සත් ජනපද අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලාව හදාරා ඇත්තේ 2000 වසරේ දීය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන ජෙනරාල් මහේෂ් සේනානායක මහතා 1981 වසරේ ශිෂ්‍ය භට නිලධාරියකු වශයෙන් යුද හමුදාව එක්ව ඇති අතර 1983 වසරේ අතී දක්ෂ නිලදාරියා ලෙස ගෞරවනීය අසිපත දිනාගන්නට සමත් වුහ.

උතුරු නැගෙනහිර මෙහෙයුම් සදහා සක්‍රිය දායකත්වය දක්වමින් අවසන් සටන් සමයේ යුද හමුදා මුලස්ථානයේ සැලසුම් අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළේය.

Back to top button