අතිරික්ත රාජ්‍ය සේවකයන් අටදහසක් ගැන තීරණයක් ගන්න ආණ්ඩුව සැරසේ..

රජයේ ආයතනවල අනුමත කාර්ය මණ්ඩලවලින් බැහැරව  සේවක සේවිකාවන්  අට දහසකට ආසන්න පිරිසක් සේවයේ යොදවාගෙන සිටින බව වාර්තා වේ.

මේ සේවක  සේවිකාවන් සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට රජයේ අවධානය යොමුවී ඇත.

මෙලෙස සේවයේ යෙදී සිටින වැඩි පිරිසක්  පසුගිය රජය සමයේදී  දේශපාලන හිතවත්කම් මත  බඳවා ගනු ලැබූ අය බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග වලින් පැවසේ.

මින් වැඩිදෙනෙකුට  ඒ ඒ ආයතනවල නිශ්චිත කාර්යභාරයක් හෝ විෂයානුකූල වැඩ පැවරීමක් හෝ කර නැතැයිද  දැනගන්නට  ඇත.

මේ තත්වය නිසා රටට රුපියල් කෝටි ගණනක  පාඩුවක් සිදුවන බව ගණන් බලා ඇත.

Back to top button