හම්බන්තොටට බස් එකලස් කිරීමේ කර්මාන්තශාලාවක්..

හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝට් ගෘෘප් (Hambantota International Port Group – HIPG) සහ Xiamen King Long United Automotive Industry සමාගම අතර අවබෝධතා ගිවිසුමකට පසුගිය දා අත්සන් තබන ලදී.

මෙය ශ්‍රී ලංකාවේ බස්රථ එකලස් කිරීමේ කම්හලක් ස්ථාපිත කිරීම සඳහා මඟ පාදන මූලික ගිවිසුමකි.

චීනයේ ෆුජියාන් හිදී අත්සන් තබන ලද මෙම අවබෝධතා ගිවිසුම, චීනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ආචාර්ය පාලිත කොහොන හා Port Investment Services හි සාමාන්‍යාධිකාරී Justin Zhang ගේ මෙහෙයවීම මත ෆුජියාන් හි දියත් කෙරුණු ආයෝජන ප්‍රවර්ධන වැඩසටහනෙහි සෘජු ප්‍රතිඵලයක් බව හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝට් ගෘෘප් සඳහන් කරයි.

1988 දී ඇරඹුණු Xiamen King Long United Automotive Industry සමාගම විශාල ප්‍රමාණයේ හා මධ්‍යම ප්‍රමාණයේ බස්, coaches හා වෑන් නිෂ්පාදනය කරනු ලබයි. King Long නිෂ්පාදිත ලොව පුරා රටවල් 140 කට අපනයනය කෙරෙන අතර එය චීනයේ විශාලතම බස් නිෂ්පාදකයින් 10 දෙනා අතර සිටින සමාගමකි.

Back to top button