සිංහල සිනමාව මේ වන විට චිත්‍රපට දහසකට අධික සංඛ්යාවකින් පෝෂණය වී තිබේ. ඒ අතරින් සිංහල සිනමාව කලාවක් වශයෙන් පෝෂණය වන සුළු රීතීන්ට අනුව නිර්මාණය වී ඇති චිත්‍රපට සියයක් වේ නම් ඒ අතරට අනිවාර්යයෙන්ම හංස විලක් චිත්‍රපටයද ඇතුළත් වේ.
අසම්මත පේ‍්‍රමය මාතෘකා කොට ගනිමින් සිංහල සිනමාවේ නිපදවා ඇති චිත්‍රපට සංඛ්යාව අසීමිතය. ඒ අතරින් සිනමාත්මක බව සහ ලාංකේය සංස්කෘතියට මනාව ගැළපෙන එහි රිද්මය නොනැසුනු සිනමා නිර්මාණයක් ලෙස පේ්රක්ෂකයාට හංස විලක් වැළඳගත හැකිය.
සිංහල සිනමාවේ 452 වන චිත්‍රපටය වශයෙන් හංස විලක් චිත්‍රපටය මුල් වරට ප්‍රදර්ශනය වන්නේ 1980.10.24 වැනිදා ය. ඉන් වසර හතළියකුත් මාස හතරක් සහ දින හතරක් ගත වූ තැන යළි හංස විල නැරඹීමේ අවස්ථාව උදා වී ඇත. ධර්ම සිරිගේ කුළු`දුල් සිනමා අධ්යක්ෂණය තිරගත වන විට ඔහුගේ වයස අවුරුදු 31යි දින 18කි. හංස විල ඔහුගේ ප්‍රථම සිනමා නිර්මාණයයි.
මීට වසර හතළිහකට පෙර තිරගත වූ එම චිත්රපටයේ් සංරක්ෂණය කළ හැකි එකම පිටපත ඉන්දියාවට යවා එහි ප්‍රසාද් චිත්‍රාගාරයේ සම්පූර්ණයෙන්ම ප්‍රතිෂ්ඨාපනය කිරීමේ කාර්යය සිදු වන්නේ පසුගිය රජයේ ජනාධිපති අරමුදල යටතේය. එය සංරක්ෂණය කිරීමෙන් පසුව නැවත ලංකාවට රැුගෙන විත් රජයේ සංරක්ෂණ ආයතනයක මුලූගැන්වී තිබියදී හංස විලක් චිත්‍රපටය 2. කේ. තාක්ෂණය යටතේ ඩිජිටල් තිරගත කිරීමකට අත ගසන්නේ මූවී වර්ක්ස් සමාගම අනුබද්ධ ලයිට් සිනමාස් චිත්‍රපට ආයතනය මගිනි.
මෙම සිනමාපටයේ ස්වර්ණා මල්ලවාරච්චි මිරැුන්ඩා ලෙසින්ද ධර්මසිරි බණ්ඩාරනායක නිශ්ශංක ලෙසින්ද චරිත නිරූපණයේ යෙදෙති. හංසවිලක්හි සෙසු රංගනයන් අතර ජේ. එච්. ජයවර්ධන ආගන්තුක සාස්තර කරුවකු ලෙසද, සමන්තිගේ වැඩිමල් සහෝදරයා දයානන්ද ලෙස ජී. ඩබ්. සුරේන්ද්රයන්ද ඉදිරිපත් කරන රංගනයන් පේ්රක්ෂක සිත් සතන්වල ගැඹුරු මතකයක් තබා ඇත.
හංසවිලක් චිත්‍රපටය ධර්මසිරි මුලින් නම්කොට තිබී ඇත්තේ ‘මහගිරිදඹ’ යනුවෙනුයි.
හංස විලක් හි ගීත තුනක් ඇතුළත් ය. ටී. එම්. ජයරත්න, සුනිලා අබේසේකර ගයන ‘හෙමින් සැරේ පියා විදා’ ගීතය රචනා කර ඇත්තේ ධර්මසේන පතිරාජයන් ය.
කලාකරුවන් වයෝවෘධව අසරණ වූ විට ඔහු හෝ ඇය හට ආධාර උපකාර කරන්නැයි ඉල්ලා සිටීම සුලභව සිදුවන්නකි. ධර්මසිරි බණ්ඩාරණායක කලාකරුවාද අද සිටින්නේ තරමක් දුර්වල සෞඛ්ය තත්ත්වයේය.
එබැවින් ඔහුගේ ජීවන පැවැත්ම හා නිර්මාණාත්මක පැවැත්ම තව දුරටත් සාක්ෂාත් කරනු වස් රසික අපගේ යම් යුතුකමක් සහ වගකීමක් විය යුත්තේ ඔහුගේ දිවිය වන් හංසවිලක් චිත්‍රපටය යළි නැරඹීමය.
රන්ජන් ගාමිණී ජයවර්ධන