රට වැහුවත් කුඩු නම් එනවා..

හොරොයින් කිලෝ 290 ක තොගයක් ගැඹුරු මුහුදේ සිට ගොඩබිම වෙත ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් පස් දෙනෙක් අද (31) අලුයම බේරුවලට ආසන්න ගැඹුරු මුහුදු ප්‍රදේශයෙ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව සඳහන් කරයි.

නාවික හමුදාවේ බුද්ධි අංශය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමග එක්ව මෙම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගනු ලැබූ මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 2321කට අධික බව නාවික හමුදාව සඳහන් කර සිටියි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර පවතින සෞඛ්‍ය මර්ගොපදේශයන්ට අනුව එම පිරිස් සහ හෙරොයින් තොගය දැනට බේරුවල වරාය වෙත රැගෙන රැගෙන විත් ඇත.

Back to top button