මේ දිනවල ඉන්දියාවේ කෝවිඩ් වියාප්තිය දරුනු ලෙස ඉහලයාම නිසා, ඉන්දියාවේ සහ ඕස්ට්‍රේලියාවට අතර ගුවන්යනා ලබන මැයි මස 15 වෙනිදා දක්වා අත්හිටවනු බව ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා නිවේදනය කලා.
සිංගප්පූරුව, ඩුබායි සහ ක්වාලාලම්පූර් යන නගර සිට ඉන්දියාවට ගමන් ගන්නා ගුවන්යනාද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
දැනට වාර්තා වන තොරතුරු අනුව ඕස්ට්‍රේලියානුවන් 9000 ආසන්න පිරිසක් ඉන්දියාවේ රැදීසිටින අතර ඔවුන් නැවත ඕස්ට්‍රේලියාවට පැමීණීමට බලාපොරොත්තුවෙන් පසුවෙනවා. ඒ අතරින් 600 ක් පමණ පිරිසක් අසරණ තත්ත්වයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ අතර ස්කොට් මොරිසන් මහතා වැඩිදුර සදහන් කළේ, මේ මොහොතේ ඉන්දියාවට අවශ්‍ය කරන වෙන්ටිලේටර් 500ක් සහ මිලියනයකට අධික මාස්ක් තොගයක් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවයි..
ඈශ් පෙරේරා.